තායිලන්තය විසින් කාම්බෝජ භූමියේට යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. දෙරට අතර දිගටම පවතින දේශසීමා ගැටුම් තත්ත්වය මධ්‍යයේ මෙය සිදුවී ඇති බවයි සදහන් වන්නේ.
තායි හමුදා ප්‍රකාශක වින්තායි සුවරී ප්‍රකාශ කළේ, කාම්බෝජ හමුදාව විසින් දේශසීමාවේදී සිදු කළ වෙඩි තැබීමකින් තායි සෙබලෙකු මිය ගොස් ඇති බවත්, එයට ප්‍රතිචාර ලෙස මෙම ගුවන් ප්‍රහාර සිදුකරන ලද්දේ යැයිය.
මේ සමග, පසුගිය ඔක්තෝබර් 26 දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වීමෙන් අත්සන් කළ සාම ගිවිසුම බිඳවැටීමේ විශාල අවධානමක් ද ඇතිව ඇති බව විදෙස් මාධ්‍ය සදහාත් සඳහන් වේ.
දෙරට අතර ගැටුම් තීව්‍ර වීම ආරම්භ වූයේ පසුගිය ජූලි මාසයේ අවසන් භාගයේදී ය. ඒ සමග කිලෝමීටර් 817ක් පුරා දිගැති දේශසීමාව සම්පූර්ණයෙන්ම වසා දැමීමට තායිලන්තය සිදුකළ පියවර ද වාර්තා වී තිබේ.
පසුගිය ගැටුම්වලදී දින පහක කාලයක් තුළ පුද්ගලයින් 48 දෙනෙකු මිය ගොස්, අවතැන් වූයේ 3 ලක්ෂයක් පමණ බවටද තොරතුරු වැඩිදුරටත් වාර්තා වෙයි.
තායිලන්තයෙන් කාම්බෝජයට ගුවන් ප්‍රහාර

