පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර ඇත.
කෙසේවෙතත්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කිරීමට බාධා කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දී නොමැති බව වැඩිදුරටත් සඳහන් වේ.

