Homeසියලුම පුවත්දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට ඉහළට

මධ්‍යම පරිසර අධිකාරිය අද (18) පෙරවරු 7.30ට නිකුත් කළ වායු ගුණාත්මක දර්ශකයට (AQI) අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පත්ව තිබේ.ඉහළම වායු ගුණාත්මක දර්ශක අගය වන 186 යාපනයෙන් වාර්තා වී ඇති අතර, කිලිනොච්චියෙන් 170ක්, අනුරාධපුරයෙන් 165ක්, බත්තරමුල්ලෙන් 166ක් සහ හලාවතින් 162ක් ලෙස අගයන් වාර්තා වී ඇත.එසේම, ත්‍රිකුණාමලයෙන් 156ක් සහ අක්කරපත්තුවෙන් 154ක් ලෙසද වායු ගුණාත්මක දර්ශක අගයන් වාර්තා වී තිබේ.මෙම ප්‍රදේශවල වායු දූෂණ මට්ටම සෞඛ්‍යයට අහිතකර බැවින් ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.මේ අතර, ඇල්ල ප්‍රදේශයෙන් 101ක අගයක් වාර්තා වී ඇති අතර එය සුළු වශයෙන් අහිතකර මට්ටමට අයත් වේ. රත්නපුරයෙන් වාර්තා වී ඇති අගය 96ක් වන අතර එය මධ්‍යස්ථ මට්ටමකි.වායු ගුණාත්මක දර්ශකය අනුව අගයන් වර්ගීකරණය වන්නේ මෙසේය.- 0–50: යහපත් මට්ටම- 51–100: මධ්‍යස්ථ මට්ටම- 101–150: සුළු වශයෙන් අහිතකර මට්ටම- 151–200: සෞඛ්‍යයට අහිතකර මට්ටම- 201–300: ඉතා අහිතකර මට්ටම- 301–500: අනතුරුදායක මට්ටමඒ අනුව, වායු දූෂණ මට්ටම ඉහළ ප්‍රදේශවල ජනතාවට ඇතිවිය හැකි සෞඛ්‍ය බලපෑම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස උපදෙස් ලබාදී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments