Homeසියලුම පුවත්දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර තිබේ.ඒ අනුව අද (14) පස්වරු 4.00 සිට හෙට (15) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.අදාළ ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසද එම සංවිධානය දැනුම් දෙයි.නායයෑම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇති ප්‍රදේශ මෙසේය.- බදුල්ල දිස්ත්‍රික්කය: සොරණාතොට, හාලිඇල, බදුල්ල, බණ්ඩාරවෙල, පස්සර සහ ඇල්ල.- මහනුවර දිස්ත්‍රික්කය: උඩුනුවර සහ යටිනුවර.- කෑගල්ල දිස්ත්‍රික්කය: යටියන්තොට, මාවනැල්ල සහ අරණායක.- නුවරඑළිය දිස්ත්‍රික්කය: නෝවුඩ් සහ අඹගමුව කොරළය.- රත්නපුර දිස්ත්‍රික්කය: ඇහැලියගොඩ, වැලිගේපොල, ඇලපාත සහ අයගම.පවතින වැසි තත්ත්වය හමුවේ මෙම ප්‍රදේශවල ජනතාව නායයෑම් අවදානම් ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවට දැනුම්දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments