Friday, November 21, 2025
Homeදේශපාලනඅද රට පුරා උද්ඝෝෂණ රැසක්

අද රට පුරා උද්ඝෝෂණ රැසක්

දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් එක්ව අද (9) කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා ගණනාවක් පැවැත්වීමට නියමිතව ඇත.

දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන එක්ව අද (9) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සංවිධානය කර තිබූ විරෝධතාවය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (8) ප්‍රතික්ෂේප කළේය.

කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම ඉල්ලීම කර තිබූ අතර එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

විරෝධතාවයේදී සාමය කඩවීමක් හෝ දේපළ හානියක් වාර්තා වුවහොත් අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට බලය ඇති බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments