Wednesday, October 23, 2024
Homeදේශපාලනජනපති රනිල් නේපාල අගමැති හමුවෙයි..

ජනපති රනිල් නේපාල අගමැති හමුවෙයි..

එක්සත් ජාතීන්ගේ 78 වැනි සැසිවාරයට සහභාගි වීමට ඇමරිකාවට ගොස් සිටින  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් මහතා හමුවිය. 

ඒ නිව්යෝර්ක් නුවරදී ය. 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එහිදී දෙරටේ සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් නායකයින් දෙපළ ඵලාදායි සාකච්ඡාවල නිතර වූ බවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, නිව්යෝර්ක් නුවරදී මෙටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති, ශ්‍රීමත් නික් ක්ලෙග් මහතාද හමුවිය. 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන එන නව පනත හා ක්‍රියාමාර්ග පිළිබඳව වික්‍රමසිංහ මහතා එහිදි කරුණු පැහැදිලි කළ බවයි.

බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද, යෝජිත පනත සම්බන්ධව අදහස් දක්වමින්, ජනාධිපතිවරයා සඳහන් කර  තිබේ. 

මෙටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති, ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා හමුවු අවස්ථාවේ ජනාධිපතිවරයා කෘත්‍රීම බුද්ධි තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පහදා ඇතැයි සඳහන් ය.

ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර කෘත්‍රීම බුද්ධි කෂේත්‍රයේ හවුල්කාරීත්වයක් ඇති කරගැනීමේ අවස්ථා සොයා බැලීමටත්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට එම සමාගම සමග සහයෝගීතා වැඩසටහනක් ඇති කර ගැනීමටත් එහිදී යෝජනා වී තිබේ.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා දත්ත මත පදනම් වූ වැඩසටහන් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා කෘත්‍රීම බුද්ධිය භාවිත කිරීම ද සංවාදයට ලක්වු කරුණකි.

අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙරට කෘෘත්‍රීම බුද්ධි ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට තමා අවධානය යොමු කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. 

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක -සමැන්තා පවර්- මහත්මිය ද හමුවිය. 

ඔවුන් අතර සාකච්චාව පැවැත්වුණේ, නිව්යෝර්ක් නුවර ටාජ් පියාරේ හෝටලයේදීයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ ආරම්භ විය. (News 1st) 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments