Sunday, December 21, 2025
Homeදේශීයදේශබන්දු තාමත් අතුරුදන් - දින 11 යි

දේශබන්දු තාමත් අතුරුදන් – දින 11 යි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය වරෙන්තු නිකුත් කර අදට දින 11ක කාලයක් ගත වූවත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.

2023 වසරේ දෙසැම්බර් 31වනදා වැලිගම – පැලෑන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, පසුගිය මස 27 වනදායි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

එවන් පසුබිමක, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණය මගහරිමින් සැඟවී සිටිනවා නම් අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව ඔහුගේ නිශ්චල සහ චංචල දේපළ තහනම් කළ හැකි බවයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල ඊයේ ප්‍රකාශ කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments