දෙමටගොඩ ප්‍රදේශයේ සිදුකළ පොලිස් වැටලීමකදී ටී කටස් වර්ගයේ ගිනිඅවි 19ක් සහ ටී-56 උණ්ඩ 24ක් සොයාගෙන ඇති අතර, එම ගිනිඅවි මෙරට තුළම නිෂ්පාදනය කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම ගිනිඅවි තොගය බෆල් පෙට්ටියක් තුළ සඟවා තිබියදී සොයාගෙන ඇති බව වාර්තා වේ.
මීට පෙර අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති අතර, ගිනිඅවි සමඟ මත්පෙති තොගයක්ද සොයාගෙන තිබේ.
විදේශයන්ගෙන් නීතිවිරෝධී ලෙස ගිනිඅවි රැගෙන ඒමේ දුෂ්කරතා හේතුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි දේශීයව ගිනිඅවි නිෂ්පාදනය කිරීමට යොමුවී ඇති බවට පොලිසිය සැක කරන අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි
දේශීයව නිපදවූ ගිනිඅවි තොගයක් සොයාගැනේ

