Friday, April 19, 2024
Homeදේශීයආදායම් බලපත්‍ර අංකයෙන් QR ක්‍රමයට ලියාපදිංචි වීම අද සිට

ආදායම් බලපත්‍ර අංකයෙන් QR ක්‍රමයට ලියාපදිංචි වීම අද සිට

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට චැසි අංකයෙන් ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන සඳහා අද (31) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි වීමට හැකියාව පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ මෙතෙක් ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට ගැටලු පැවති සියලු ක්ෂේත්‍ර සඳහා මේ වන විට අවශ්‍ය විසදුම් ලබා දී ඇති බවය.

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් කිව්ආර් ක්‍රමවේදය සහ කෝටා ක්‍රමය යටතේ හෙට (01) සිට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කර තිබේ.

ඒ අනුව, අවසන් ඉලක්කම මත පදනම් වූ අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද හෙට දිනයේ සිට වලංගු නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යශය පෙන්වා දෙයි.

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට අදාළ ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා සතියක කාලයක් පවතින බැවින් හෙට දිනයේ සිට ඉන්ධන පිරවුම්හල්වලට රැස්වී තදබදයක් ඇතිවන ලෙස කටයුතු කිරීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර කිව්ආර් ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම මගින් සියයට 70කින් පමණ ඉන්ධන පරිභෝජනය අඩුවනු ඇති බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ ඉරිදා දිනයක් වුවද අද දිනයේත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments