Saturday, March 25, 2023
Homeදේශීයඉන්දීය රුපියල ශ්‍රී ලංකාව තුළ භාවිතයට ගැනීම පිළිබඳව අධ්‍යනය කරනවා - ශ්‍රී...

ඉන්දීය රුපියල ශ්‍රී ලංකාව තුළ භාවිතයට ගැනීම පිළිබඳව අධ්‍යනය කරනවා – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්

ඉන්දීය රුපියල මෙරට තුළ ආර්ථික ගනුදෙනු සඳහා යොදා ගැනීමේ හැකියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අධ්‍යනය කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, ගෝපාල් බාග්ලේ මහතා පවසයි.

ඒ බව “ද හින්දු පුවත්පත” අද (06)  වාර්තා කර තිබේ.

අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිතා කිරීමේ හැකියාව පිළිබඳව ලංකා බැංකුව, ඉන්දියානු රාජ්‍ය බැංකුව සහ ඉන්දීය බැංකුව යන ආයතනවල නියෝජිතයන් සමග සාකච්ඡා ද පවත්වා ඇති බවය.

වෙළෙඳ සහ ආයෝජන ක්‍රියාකාරකම් තුළින් දෙරට අතර වඩාත් ශක්තිමත් සහ සමීප සහයෝගීතාවයක් ගොඩනැගීම මෙහි අරමුණ බව ද ඉන්දීය මහකොමසාරිස්වරයා, ද හින්දු පුවත්පතට පවසා තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල යොදා ගැනීමෙන් අඩු විනිමය පිරිවැය, වේගවත් සේවාව, වෙළඳ ණය සඳහා පහසු ප්‍රවේශයක් වැනි විවිධ ප්‍රතිලාභ හිමිවන බවද ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ අදහසයි.

දෙරට අතර වෙළෙඳ සබඳතාවන්ගෙන් සැලකිය යුතු ආදායමක් ලැබෙන බවත්, මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා, ද හින්දු පුවත්පතට පවසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු රුපියල භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් පවසා තිබුණි.

එමගින් ඉන්දියානුවන්ට ඔවුන්ගේ මුදල් ශ්‍රී ලංකාවේ සෘජුවම භාවිත කළ හැකි අතර ශ්‍රී ලාංකිකයින්ට වෙනත් මුදල් ඒකකයක් මත යැපීමෙන් තොරව කටයුතු කළ හැකි බව ද විදේශ අමාත්‍යවරයාගේ ස්ථාවරය වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments