Thursday, April 18, 2024
Homeදේශීයගුවන් යානාවලට ඉන්ධන සැපයීම නවතා දමයි

ගුවන් යානාවලට ඉන්ධන සැපයීම නවතා දමයි

ඉන්ධන අර්බුදය හමුවේ දිවයිනට පැමිණෙන විදේශීය ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීම නතර කර තිබෙනවා.

පවතින ගුවන් යානා ඉන්ධන තොග අවසන් වීමත් සමඟ ඊයේ සිට ඉන්ධන ලබාදීම මෙලෙස අත්හිටවූ බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර කියා සිටියේ.

මේ හේතුවෙන් ඉන්ධන පුරවාගෙන දිවයිනට පැමිණෙන ලෙස මෙරටට ගුවන් ගමන් සිදුකරන ගුවන් සමාගම්වලට දැනුම්දීමක්ද සිදුකර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ හදිසි අවස්ථාවකදී භාවිතයට ගැනීම සඳහා ඉතා සුළු ගුවන් යානා ඉන්ධන සංචිතයක් පමණක් පවතින බවයි.

ගුවන් යානා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අද දිනයේදීත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී ජූලි 15 වැනිදාට පෙර අවශ්‍ය කරන ගුවන් යානා ඉන්ධන තොග ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර කියා සිටියේ.

කෙසේ වෙතත්, ගුවන් සමාගම් නියෝජිතයින් පවසන්නේ ඉන්ධන ලබා ගැනීමේදී පවතින දුෂ්කරතා හේතුවෙන් ඇතැම් ගුවන් සමාගම්වල යානා දිවයිනට පියාසර කිරීම තවදුරටත් පහත දමා ඇති බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments