Wednesday, October 23, 2024
Homeදේශීයතානාපති වාහනවලින් කෝටි ගනනක වංචාවක්

තානාපති වාහනවලින් කෝටි ගනනක වංචාවක්

අවලංගු කරන ලද වාහන අංකවලින් වෙනත් සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කිරීමේ වංචාවක් අනාවරණ වී තිබෙනවා.

ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක දැක්වෙන්නේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් විසින් මෙම වංචාව සිදු කර ඇති බවයි.

මේ හේතුවෙන් රජයට රුපියල් කෝටි 15 කට ආසන්න බදු ආදායමක් අහිමිව ඇති බව සඳහන්.

මේ ආකාරයට පසුගිය වර්ෂවල දී ලියාපදිංචි කෙරුණු රාජ්‍ය තාන්ත්‍රිකයන් ගේ වාහන හයක් නැවත ප්‍රති ප්‍රති අපනයනය කරන අවස්ථාවන්හිදී ලියාපදිංචිය අවලංගු කර තිබෙනවා.

ඉන් අනතුරුව වෙනත් සුඛෝපභෝගී වාහනවල චැසි අංක සහ එන්ජින් අංක ඇතුළත් කර වෙනත් පුද්ගලයන්ගේ නම්වලට ලියාපදිංචි සහතික නිකුත් කර තිබූ බවයි විගණන විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments