Friday, March 29, 2024
Homeදේශීයලංකාවේ වයස අවුරුදු 5ක දරුවෙක් ලෝක වාර්තාවක් තියයි (PHOTOS)

ලංකාවේ වයස අවුරුදු 5ක දරුවෙක් ලෝක වාර්තාවක් තියයි (PHOTOS)

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.

නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප්‍රදේශයේ අවුරුදු 05ක් වූ කුමාරවේල් කලානේෂන් හර්ෂිත් නමැති මෙම සිගිත්තා රටවල් 24 ක ක්‍රියාත්මක වන “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” වාර්තා පොතේ ලෝක වාර්තාවක් (25) දින පිහිටුවා තිබෙන්නේ.

ඒ ස්ථාන ලකුණු නොකල ලෝක සිතියමක ලෝකෙ රටවල් 195 සහ එම රටවල්වල අගනුවරවල් විනාඩි 04යි තප්පර 16ක් වැනි කෙටි කාලයකින් නිවැරැදිව පෙන්වා ඉංග්‍රීසි භාෂාවෙන් නම් කරමින්.

නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව මධ්‍ය මහා විද්‍යාලයේ සෞම්‍ය ශ්‍රවණාගාරයේදී පවත්වා තිබුනා.

වසර 03 ක කාලයක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” ලෝක වාර්තා පොතෙහි නුවරඑළිය දිස්ත්‍රික් සීමාව හා නගර සීමාව තුල වාර්තාවක් පිහිටුවූ පලමු කෙනා ලෙස “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” ආයතනයේ නිළදාරින් අනාවරණය කර තිබුනා.

ඔහු වැඩිදුරටත් අනාවරණය කර සිටියේ “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” ජාත්‍යන්තර සංවිධානයක් හැටියට ක්‍රියාත්මක වන අතර එය ඉන්දිය මධ්‍ය රජයේ ලියාපදිංචි යටතේ රටවල් 24 ක ක්‍රියාත්මක වන ගිනස් වාර්තාවට පමණක් දෙවැනි වාර්තා පොතක් හැටියට හඳුන්වා දිය හැකි බවයි ,

මෙහිදී ලෝක වාර්තාවක් පිහිටවූ කලානේෂන් හර්ෂිත් දරුවාට ඔහු විසින් පිහිටවනු ලැබූ ලෝක වාර්තාව සදහා වන සහතිකය , සම්මානය හා පදක්කම පිරිනැමීම “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” ජාත්‍යන්තර ආයතනයේ නියෝජනය කරමින් ඉන්දියාවේ සිට පැමිණි ප්‍රදාන සම්භන්ධීකාරක පෙරුමාල් නීලමේගම් මහතාගේ හා ශ්‍රී ලංකා ප්‍රධානි යෝගදාසන් ජූඩ් නිමලන් මහතා අතින් පිරිනමා තිබුනා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments