Sunday, November 16, 2025
Homeදේශීයලංකා තෙල් සංස්ථාවත් පෞද්ගලීකරණයට කැබිනට් අනුමැතිය

ලංකා තෙල් සංස්ථාවත් පෞද්ගලීකරණයට කැබිනට් අනුමැතිය

තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ආනයනය සහ සිල්ලර විකුණුම් වෙළෙඳපොළ විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව අදාළ සැපයුම්කරුවන් තෝරාගනු ලබන්නේ ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව මත සහ මෙහෙයුම්වල පළමු මාස කිහිපය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ බැංකු වෙතින් විදේශ විනිමය අවශ්‍යතා නොමැතිව ක්‍රියාත්මකවීමේ පදනම මත බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සමාගම්වලින් අය කරන සේවා ගාස්තුවක් සමඟ සැපයුම්, තොග සහ බෙදා හැරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සේවා සපයන්නා වන අතර දැනට සිපෙට්කෝ සතුව පවතින පරවුම්හල් 1190 තුළින් තෝරාගත් අලෙවිසැල් සහ නව අලෙවිසැල් ලංකා IOC සහ තෝරාගත් නව සමාගම් සඳහා ලබාදීමට යෝජනාවී ඇති අතර පිරිපහදුව ඛනිජ තෙල් සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments