Thursday, November 13, 2025
Homeවිදේශීයනවදිල්ලි ප්‍රහාරය පිටුපස සිටින කිසිවෙකුත් අත්හරින්නේ නැහැ - මෝදි

නවදිල්ලි ප්‍රහාරය පිටුපස සිටින කිසිවෙකුත් අත්හරින්නේ නැහැ – මෝදි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසන්නේ, නවදිල්ලි රතු බලකොටුව ආසන්නයේ සිදුකළ ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට රජය සූදානම් බවයි.

අද (11) භූතානයට සිදුකරන නිල සංචාරයක් සදහා එක්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළාය.

“මම අද මෙතැනට ආවේ ශෝකයෙන් බරවූ හදවතක් ඇතිව. දිල්ලියේ ඊයේ සවස සිදුවූ භයානක සිද්ධියෙන් අපි සියල්ලන්ම කම්පාවට පත්ව සිටිනවා. විමර්ශන කණ්ඩායම් සමඟ කතා කළා. අපේ ආයතන මේ කුමන්ත්‍රණයේ ගැඹුරටම සොයා බලනවා. මේ පිටුපස සිටින කිසිවෙකුත් අපි අත්හරින්නේ නැහැ. සියල්ලන්ම නීතිය හමුවට ගෙන ඒමට අපි කටයුතු කරයි,”
යැයි අග්‍රාමාත්‍ය මෝදි වැඩිදුරටත් පැවසීය.



ඊයේ (10) දිනයේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආසන්නයේ සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණි.

ප්‍රහාරයේ සැකකරු ලෙස 37 හැවිරිදි ජම්මු-කාෂ්මීර වෛද්‍යවරයෙකු හඳුනාගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී අද (11) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments