Friday, November 14, 2025
Homeසියලුම පුවත්නියඟය, වර්ෂාව, සේනා දළඹුවා නිසා වගා හානිය අක්කර 70,000ක්

නියඟය, වර්ෂාව, සේනා දළඹුවා නිසා වගා හානිය අක්කර 70,000ක්

2023.09.21 දින වන විට මෙවර යල කන්නයේ සිදු වී ඇති වගා හානි ප්‍රමාණය අක්කර 68,802.20 ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම මේ නිසා බලපෑමට ලක් වූ ගොවීන් ප්‍රමාණය 70,597 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නිකුත් කර ඇති නව වාර්තාවට අනුව වී වගා කරන ලද කුඹුරු අක්කර 68,340.35 ක් වගා හානි සිදු වී ඇති අතර, එමඟින් ගොවීන් 70,188 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇත. එමෙන්ම ලොකුලූණු, මිරිස්, බඩඉරිඟු සහ සෝයා බෝංචි වගා කරන ලද ගොවීන් 409 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති අතර, ඔවුන් විසින් වගා කර ඇති අක්කර 461.85 ක් වගා හානි සිදු වී ඇත.

දැනට වාර්තා වී ඇති වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ අක්කර 26,813.67 ක් වගා හානි සිදු වී ඇති අතර, බලපෑමට ලක්වූ ගොවීන් ප්‍රමාණය 32,245ක් වේ.

දෙවැනි ස්ථානය‍ට වැඩිම හානි ප්‍රමාණය උඩවලව කලාපයෙන් වාර්තා වේ. ඒ අනුව 14,810.13 ක් වගා හානි සිදු වී ඇති අතර ගොවීන් 11,651 කට බලපෑම් එල්ල වී ඇත.ඊට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 5,483.75ක් වගා හානි සිදු වී ඇති අතර, ගොවීන් 4,493කට බලපෑම් එල්ල වී ඇත.

මීට අමතරව මාතලේ අක්කර 1,496ක්, පුත්තලම අක්කර 2,244ක්, පොළොන්නරුව අක්කර 1,728ක්, මොණරාගල අක්කර 1,136ක්, බදුල්ල අක්කර 1,044ක්, රත්නපුර අක්කර 1,721ක් සහ අනුරාධපුර අක්කර 1,748ක් වශයෙන් වාර්තා වී තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments