විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තමන්ට පැවරී ඇති රාජකාරී පෙර පරිදිම ඉටු කරන ලෙස විදුලි සේවකයින්ට නව සමාගම් දෙකක් දැනුම් දී තිබේ.
ඒ ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (පුද්ගලික) සමාගම සහ නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් (පුද්ගලික) සමාගම විසින් නිකුත් කළ නිවේදනයක් මගිනි.
විදුලිබල සැපයුමට අදාළ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රාජකාරී නිසි පරිදි ඉටු කළ යුතු බව එම සමාගම් අවධාරණය කරයි.
එමෙන්ම රාජකාරී පැහැර හැරීම අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතේ බරපතළ වරදක් වන බැවින් එවැනි අවස්ථාවලදී විනය ක්‍රියාමාර්ග ගනු ඇති බවද දැනුම් දී තිබේ.
තවද සේවකයින්ට පත්වීම් ලබාදීම සඳහා ද කටයුතු සිදුකරමින් ඇති අතර ඉදිරියේදී ඒවා ලබාදීමට පියවර ගන්නා බවද අදාළ නිවේදනවල සඳහන් වේ.
නියෝග පැහැර හරින විදුලි සේවකයින්ට විනය ක්‍රියාමාර්ග

