Friday, December 12, 2025
Homeදේශීයනිවැරදි දත්ත රැස් කිරීමට ජන සහභාගීත්වය අවශ්‍යයි – අගමැති

නිවැරදි දත්ත රැස් කිරීමට ජන සහභාගීත්වය අවශ්‍යයි – අගමැති

පසුගිය ආපදා තත්ත්වයෙන් පසුව රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිවැරදි හා සම්පූර්ණ දත්ත ප්‍රමුඛතාවකින් යුක්ත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

ඊයේ (10) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, දත්ත රැස් කිරීම සඳහා ජන සහභාගීත්වය සහිත විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවයි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ –
“නව සංවර්ධන වැඩපිළිවෙළක් ප්‍රතිපත්තිමය මට්ටමේ ක්‍රියාත්මක කිරීමේදී විවිධ ආයතනවල දත්ත එකම ස්ථානයකට ගොනු කරගැනීමට පද්ධතියක් නොමැති වීම දැවැන්ත බාධකයක්. ග්‍රාමීය මට්ටමේ නිලධාරීන්ටත් ජනතාවටත් ඔවුන්ගේ ප්‍රදේශ පිළිබඳ නිවැරදි දැනුම තිබෙන නිසා, ඔවුන්ගේ සෘජු සහභාගීත්වය අත්‍යවශ්‍යය” යන්නයි.

ඇය අවධාරණය කළේ, ප්‍රාදේශීය මට්ටමේ දත්ත නිවැරදිව ලබාගැනීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම ආපදා කළමනාකරණය සහ සංවර්ධන සැලසුම් සඳහා මූලික අවශ්‍යතාවක් බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments