Wednesday, January 28, 2026
Homeසියලුම පුවත්නි. නගරාධිපතිගේ දියණිය ඇතුළු පිරිසට ඇප

නි. නගරාධිපතිගේ දියණිය ඇතුළු පිරිසට ඇප

ජාතික ජන බලවේගය බලය දරන මහනුවර මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණිය ඇතුළු පිරිසක් ඇප මත මුදාහැර තිබේ.

ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එක් සැකකරුවකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙක බැගින් නියම කරමින් අධිකරණය විසින් ඇප නියම කර ඇත.

පොලිසිය මහනුවර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, ෆේස්බුක් හරහා සංවිධානය කර තිබූ සාදයකට සහභාගී වූ විසි හය හැවිරිදි මෙම තරුණිය, ඇගේ පෙම්වතා සහ තවත් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිසිය නිකුත් කළ නිවේදනයට අනුව, තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ පැවැත්වූ මෙම සාදය වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804ක්, මල්පෙති 13ක් සහ නීතිවිරෝධී දුම්වැටි 12ක් සමඟ පුද්ගලයන් 22 දෙනෙකු සහ කාන්තාවන් 4 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 18ත් 31ත් අතර වයස්වල පසුවන මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රිකුණාමලය සහ ජා ඇල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකාරියන් අවුරුදු 21ත් 26ත් අතර වයස්වල පසුවන මහනුවර, මීගමුව සහ පූඩළුඔය ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිසිය සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments