Thursday, November 13, 2025
Homeදේශීයනීතිඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම ජනවාරි 14ට යළි කැඳවයි

නීතිඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම ජනවාරි 14ට යළි කැඳවයි

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී සිදුවූ සිද්ධියක් හේතුවෙන් තමන්ව පොලීසිය අත්අඩංගුවට ගැනීම වැලැක්වීමට නියෝගයක් ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි ජනවාරි 14 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළා.

මෙම නඩුව අභියාචනාධිකරණ විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුන් ඉදිරියේ කැඳවිය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා, වන්නිනායක මහතාට පහරදුන් පොලිස් නිලධාරියා කලින් දඬුවම් මාරුවක් ලැබූ අයෙකු බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු වී නොමැති බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

රජයේ නීතිඥවරිය පෙන්වා දුන්නේ, පෙත්සම්කරු දැනටමත් අධිකරණයට ඉදිරිපත් වී ඇප මත මුදාහැර ඇති නිසා ඉල්ලීම් ඉටු වී ඇති බවය.

අභියාචනාධිකරණය දෙපාර්ශවයෙන් ඉදිරිපත් කරුණු සලකා බැලීමෙන් පසු, පෙත්සම යළි ජනවාරි 14 දා කැඳවීමට නියෝග කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments