Thursday, October 23, 2025
Homeදේශීයනුගේගොඩ ගරාජයකින් වෙඩි නොවදින ප්‍රභූ රථයක් සොයාගනී

නුගේගොඩ ගරාජයකින් වෙඩි නොවදින ප්‍රභූ රථයක් සොයාගනී

නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ගරාජයක තිබූ වෙඩි නොවදින බෙන්ස් මෝටර් රථයක් ඊයේ (21) බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සොයාගත් බව පොලීසිය පවසයි.පොලීසිය සඳහන් කරන්නේ මෙම රථය ජර්මනියෙන් 2008 වසරේදී මෙරටට ගෙන්වූ එකක් බවත්, එය ඩිමෝ සමාගමට ගෙන්වා තිබුණද 2017 පසුව එම රථය සමාගම වෙත නැවත ලබාදී නැති බව අනාවරණය වී ඇති බවයි.

පොලීසියට ලැබුණු තොරතුරක් අනුව, ගරාජයක සැකසී සිටින පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී අංක තහඩු නොමැති මෝටර් රථයක් අලුත් වැඩියාවක් සඳහා තිබෙන බව පෙනී ඇත. පරීක්ෂා කිරීමේදී එය වෙඩි නොවදින රථයක් බව තහවුරු වී ඇත.රථය අලුත් වැඩියාවක් සඳහා මැයි 23 දා ගරාජයට රැගෙන ආ බව ගරාජ හිමියා පවසයි.

එය රැගෙන ආ පුද්ගලයාගේ අනන්‍යතාවය ඔහුට නොදන්නා බව ද සදහන් කරයි.රේගු සහ ඩිමෝ ආයතන සමග පරීක්ෂා කිරීමෙන් එම රථය 2008 දී ඉන්දීය තානාපති කාර්යාලය වෙත ගෙන්වා ඇති බව තහවුරු වී ඇත.

ඒ පිළිබඳව තවත් තොරතුරු ලබාගැනීමට ඉන්දීය තානාපති කාර්යාලයෙන් වාර්තාවක් කැඳවා ඇත.මෙම රථය ප්‍රභූ පුද්ගලයෙකු භාවිතා කර තිබේද නැතහොත් අපරාධයක් සඳහා භාවිතා කර තිබේද යන්න පිළිබඳව විමර්ශන කිහිපයක් දැනටමත් ආරම්භ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments