Sunday, November 16, 2025
Homeදේශීයනුවර පෙරහරේදී අලි දෙන්නෙක් කුලප්පු වෙලා අලි ජංජාලයක්! මිනිස්සු හිස් ලූ ලූ...

නුවර පෙරහරේදී අලි දෙන්නෙක් කුලප්පු වෙලා අලි ජංජාලයක්! මිනිස්සු හිස් ලූ ලූ අත දුවයි! සමහරු වැවට පැනලා! ‌

මහනුවර දෙවන කුඹුල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු කුලප්පුවීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිවයාමෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. Sri Lanka Latest News

නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේදී වැවට පැනීම නිසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුහු බේරාගනු ලැබූහ.

කලබලයට පත්වූ ඇතුන් දෙදෙනා දළදා වීදිය ඔස්සේ දිවගොස් එක් ඇතකු රැජින හෝටලයේ කොරිඩෝව මතට කඩාවැදී කලබල කිරීමත් සමග ඇත්ගෝව්වෝ පිරිසක් මහත් වෙසෙක් දරා එම ඇතා බැඳදැමීමට කටයුතු කළහ. 

කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට සංවිධායක මණ්ඩලය කටයුතු කළේය. මෙහිදී කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බව ආරක්ෂක අංශ පැවැසීය

RELATED ARTICLES

Most Popular

Recent Comments