නේපාලයේ හිටපු කත්මණ්ඩු නගරාධිපති හා රැප් ගායකයෙකු වන බලේන්ද්ර ෂාහ් (බලේන්) ඉදිරි මහා මැතිවරණයේදී අගමැති ධූරයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව තිබේ.
35 හැවිරිදි බලේන් රාශ්ට්රීය ස්වතන්ත්රා පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට පිවිස ඇති අතර, හිටපු අගමැතිවරුන් වන KP ෂර්මා ඕලි සහ පුෂ්ප කමල් දාල් ඔහුගේ ප්රධාන ප්රතිවාදීන් වෙති.
නේපාල මහා මැතිවරණය ලබන මාර්තු 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

