Tuesday, March 10, 2026
Homeආර්ථිකනොවැම්බරයේ පහළට ගිය උද්ධමනය දෙසැම්බර්වල ඉහළට.

නොවැම්බරයේ පහළට ගිය උද්ධමනය දෙසැම්බර්වල ඉහළට.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (21) නිකුත් කළ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව, නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ උද්ධමනයේ වැඩිවීමක් වාර්තා වී තිබේ.

ඒ අනුව, නොවැම්බර් මාසයේ 2.4%ක් ලෙස පැවති සමස්ත උද්ධමනය දෙසැම්බර් මාසයේදී 2.9%ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේ 3.6% සිට දෙසැම්බර් මාසයේදී 4.4% දක්වා වැඩි වී ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද 1.5% සිට 1.6% දක්වා සුළු ඉහළ යාමක් පෙන්නුම් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments