Saturday, January 24, 2026
Homeදේශීයපට්ටිය හංදියේදී වෙඩි තබා තරුණයෙකු මරා දමයි, බිරිඳ සහ දරුවා රෝහලේ

පට්ටිය හංදියේදී වෙඩි තබා තරුණයෙකු මරා දමයි, බිරිඳ සහ දරුවා රෝහලේ

පෑලියගොඩ පොලිස් වසමේ දුම්රියපොළ පාර, පට්ටිය හංදියේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකු බව පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයා බිරිඳ සහ දෙහැවිරිදි තම පිරිමි දරුවා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගයෙකු දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර ඇත.

අදාළ වෙඩි තැබීමෙන් මාර්ගයේ ගමන්කළ කාන්තාවක්ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළ කර ඇත.

මේ අතර අදාළ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ වයස 02ක් වන පිරිමි දරුවාද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments