Tuesday, March 3, 2026
Homeදේශීයපදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය මාලිමාව දෙවැනි වරටත් පරාදයි

පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය මාලිමාව දෙවැනි වරටත් පරාදයි

ජාතික ජන බලවේගයේ පාලනය යටතේ පැවති පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය යෝජනාව දෙවැනි වරටත් පසුගියදා සභාවේදී පරාජයට පත්ව ඇති බව වාර්තා වෙයි.

අයවැයට පක්ෂව ලැබුණේ ඡන්ද 07ක් පමණක් වන අතර විපක්ෂව ඡන්ද 12ක් ලැබීම විශේෂත්වයකි.

අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 07 දෙනා ජන්දය දී ඇති අතර ඊට විපක්ෂව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සර්ව ජන බලය, සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ජන්දය දී ඇත.

මෙම අයවැය පරාජය හේතුවෙන් පදියතලාව ප්‍රාදේශීය සභාව ඇතුළු අයවැය පරාජයවූ පළාත් පාලන ආයතන වල ඉදිරි පාලන කටයුතු සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව දේශපාලන ක්‍ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමු වී ඇත.

ප්‍රාදේශීය සභා රෙගුලාසි අනුව, අයවැය දෙවැනි වරටත් පරාජය වීමෙන් පාලක පක්ෂයට සැලකිය යුතු දේශපාලන අභියෝගයක් එල්ල වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments