Sunday, March 15, 2026
Homeweatherප්‍රදේශ කිහිපයකට අද වැසි හා ගිගුරුම් සහිත වැසි — තද සුළං සහ...

ප්‍රදේශ කිහිපයකට අද වැසි හා ගිගුරුම් සහිත වැසි — තද සුළං සහ අකුණු අවදානමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (28) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. සබරගමුව පළාත, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00ට පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තද වැසිද අපේක්ෂා කෙරේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද දැනුම් දෙයි.

එසේම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් තත්ත්වයක් පැවතිය හැකි බැවින් රථවාහන පාලනයේදී සැලකිලිමත් වන ලෙසත්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තද සුළං හේතුවෙන් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවට අවවාද කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments