බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තද වැසිද අපේක්ෂා කරන අතර, උතුරු සහ උතුරුමැද පළාත්වල තරමක තද සුළං තත්ත්වයක්ද ඇති විය හැකි බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං පිළිබඳ සැලකිලිමත්ව සිටින ලෙසද ජනතාවට දැනුම් දී තිබේ
ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ගැන කාලගුණ අනතුරු ඇඟවීමක්

