Tuesday, February 17, 2026
Homeweatherප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

මෙම අවවාදාත්මක නිවේදනය අද (6) රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව ද එම දෙපාර්තමේන්තුව පවසා තිබේ.

එමගින් ජනතාවට අවවාද කරන්නේ, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං හා අකුණු අනතුරු වලින්  ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments