ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාගය නොවැම්බර් 26 වෙනිදා ආරම්භ කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ මඩුල්ල නියෝග කළා.
මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලක රත්නබණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර, දෙවැනි විත්තිකාරයා වූ කපිල වික්‍රමනායක මහතාට විභාගයකට පැමිණීමට අදාල අවසරයද ලබාදී තිබෙනවා.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ පූර්ව විභාගය නොවැම්බර් 26ට

