Tuesday, December 23, 2025
Homeදේශීයප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගධර සහ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. මියයන විට ඔහු 84 වන වියේ පසුවුණි.

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනය සහ අධ්‍යක්ෂණය හරහා සිංහල කලාකෙතට විශාල දායකත්වයක් ලබා දුන් අසහාය කලාකරුවෙකි. 1941 පෙබරවාරි 10 වන දින කැලණියේ උපත ලැබූ ඔහුගේ කලා දිවිය අඩසිය වසරකට ආසන්න කාලයක් පුරා විහිදී පැවතුණි.

1986 වසරේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘කෙටි වලිගය’ චිත්‍රපටයේ කෙටි රංගනයක් තුළින්ද සම්මානයට පාත්‍ර වූ ඔහු, 1987 සරසවි සම්මාන උළෙලේදී භික්ෂුවකගේ චරිතයට රඟපෑම වෙනුවෙන් විශේෂ ජූරී සම්මානයද දිනා ගත්තේය. 1963 වසරේ වේදිකාගත වූ ‘බකතපස්’ නාට්‍යය ඔහුගේ මුල්ම නාට්‍ය නිෂ්පාදනය ලෙස සැලකේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments