Thursday, November 13, 2025
Homeදේශීයප්‍රසන්න රණතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

ප්‍රසන්න රණතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

අල්ලස් විරෝධී කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ගොස් ඇත.

අල්ලස් කොමිසමට කැඳවී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, අද උදෑසන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඔහු රැගෙන ගිය අතර, නඩුව තවත් සුළු මොහොතකින් කැඳවීමට නියමිතය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 4ක සේවකයින්ට ලබාදුන් වෛද්‍ය රක්ෂණ සම්බන්ධයෙන් නීත්‍යනුකූල නොවන පරිදි පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර, ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments