Friday, January 23, 2026
Homeවිදේශීයපාකිස්තාන මාධ්‍ය වාර්තා ඉන්දියාව ප්‍රතික්ෂේපයි

පාකිස්තාන මාධ්‍ය වාර්තා ඉන්දියාව ප්‍රතික්ෂේපයි

ශ්‍රී ලංකාවට ආපදා ආධාර ගෙන්වීමට පාකිස්තානය ඉල්ලූ ගුවන් කලාප අවසර ඉන්දියාව ප්‍රතික්ෂේප කළ බව පාකිස්තාන මාධ්‍යයේ පැවැති වාර්තා පදනම් විරහිත බව ඉන්දීය මාධ්‍ය නිශ්චිතව ප්‍රකාශ කරයි.

ඉන්දීය ආරක්ෂක නිලධාරි පවසන්නේ මාස ගණනාවක් ගුවන් කලාපය වසා තිබූවත්, පකිස්තානයෙන් ලැබුණු ඉල්ලීම කඩිනමින් සලකා අවශ්‍ය අවසර පැය 4කින්ම ලබා දුන් බවයි.

ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම වාර්තා “නොමඟ යවන සහ තරයේ වැරදි” බව නිශ්චිතව ප්‍රතික්ෂේප කරන බවයි.

ඉන්දියාව සිය ගුවන් කලාපය හරහා ගමන් කිරීමට අවසරය සඳුදා (01) සවස 5.30 ට (IST) නිල වශයෙන් පකිස්තාන රජයට දැනුම් දී ලබා දුන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments