Thursday, February 12, 2026
Homeදේශපාලනපාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.

කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පැවසුවේ, 1977 අංක 1 දරණ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත නව පනත් කෙටුම්පත ඔස්සේ අහෝසි කිරීමට කටයුතු කරන බවය.

එම පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය සම්මත වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී විශ්‍රාම වැටුපක් හිමි නොවන බවද සඳහන් වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments