ප්රකාශයක් ලබාදීම සඳහා අද (20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ වන විට ඉන් පිටව ගොස් තිබේ.පැය දෙකක පමණ කාලයක් කොමිෂන් සභාව හමුවේ ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු මෙලෙස පිටව ගොස් ඇත.කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිදුකළ දැනුම්දීමකට අනුව ජී.එල්. පීරිස් මහතා අද එහි පැමිණි බව වාර්තා වේ.

