Wednesday, November 26, 2025
Homeදේශීයපිඟන් සංස්ථාවට කෝටි 64ක අලාභයක්

පිඟන් සංස්ථාවට කෝටි 64ක අලාභයක්

ලංකා පිඟන් සංස්ථාව රුපියල් හැටහතර කෝටියකට අධික අලාභයක් ඉකුත් වර්ෂය අවසන් වන විට (2024) ලබා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

එම වර්ෂය (2024) අවසන් වන විට ලබා ඇති අලාභය නිශ්චිත ලෙසම රුපියල් හැටහතරකෝටි පනස්දෙලක්ෂ විසිඑක්දහස් හයසිය පනස් තුනකි. 2024 වර්ෂයේ දී පමණක් පිඟන් සංස්ථාව ලබා ඇති ශුද්ධ අලාභය රුපියල් පන්කෝටි හතලිස් දෙලක්ෂ එක්දහස්පන්සිය අසූතුනකි.

පිඟන් සංස්ථාවේ වත්කම් ඉක්මවූ වගකීමක් පවතින බැවින් සංස්ථාවේ අඛණ්ඩ පැවැත්ම අවදානම් තත්ත්වයක පවතින බවද විගණනය මගින් අනාවරණය කර ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments