Tuesday, February 17, 2026
Homeසියලුම පුවත්පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගත් 7 දෙනෙකු රිමාන්ඩ්

පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගත් 7 දෙනෙකු රිමාන්ඩ්

පිරමීඩ ආකාර මූල්‍ය යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධ චෝදනාවකට සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය පවසයි.

මෙම අත්අඩංගුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් පරීක්ෂණයකට අනුව සිදු කර ඇති අතර, සැකකරුවන් රත්මලාන, පන්නිපිටිය, ගල්නෑව, හෝකන්දර, පේරාදෙණිය සහ කොළඹ 04 ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව ද සඳහන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කෙරේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments