Saturday, November 22, 2025
Homeදේශීයපුත්තලම මූලික රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් බවට

පුත්තලම මූලික රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් බවට

පුත්තලම මූලික රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස උසස් කිරීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී අමාත්‍යවරයා කියාසිටියේ, දිස්ත්‍රික්ක ප්‍රධාන නගරයක දිස්ත්‍රික් මහ රෝහලක් නොමැති එකම දිස්ත්‍රික්කය පුත්තලම බවයි.

ඒ අතර, එම ප්‍රදේශයේ ජනගහන ව්‍යාප්තිය සහ අයත් දිස්ත්‍රික්කවල සිටන ජනතාවගේ ප්‍රමාණය සලකා බැලූ විට රෝහල් උසස් කිරීම සඳහා ධනාත්මක සාධක තිබෙන බවද ඔහු සඳහන් කළා.

අමාත්‍ය ජයතිස්ස වැඩිදුරටත් පැවසීමේදී, රෝහල් උසස් කිරීමේදී දේශපාලන බලපෑම් නොව, ජාතික සෞඛ්‍ය සැලැස්ම, අවශ්‍ය විශේෂඥ සේවාවන්, සහ පහසුකම් පවතින ආකාරය මත පදනම්ව තීරණය කරන බව ද පැහැදිලි කළා

RELATED ARTICLES

Most Popular

Recent Comments