දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟය පසුබැසීමට උත්සාහයක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක් දිවයිනට ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.
පළමු තොගය අක්‍ටෝබර් 23 වනදා දිවයිනට පැමිණ ඇති අතර, පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවලද අමතර තොගවල ආනයනය සිදු කර ඇත.
කැබිනට් අනුමැතියට අනුව, ජී.ආර්. 11 පොන්නි සම්බා සහල් ආනයනය සඳහා ආනයනකරුවන්ට බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් වීමට රජය පියවර ගෙන තිබේ.
ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ අනුව එක් ආනයනකරුවෙකුට මෙට්‍රික් ටොන් 520ක උපරිමයකට යටත්ව සහල් ආනයනයට අවසර ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 24 පමණ වන අතර, එයින් කීරි සම්බා පරිභෝජනය සියයට 10ක් (මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ) බවද දත්ත අනාවරණය කරයි.
