Thursday, November 13, 2025
Homeදේශීයබන්ධනාගාරය යනු දඩුවම් ලබාදෙන ස්ථානයක් නොවේ...

බන්ධනාගාරය යනු දඩුවම් ලබාදෙන ස්ථානයක් නොවේ…

බන්ධනාගාර පද්ධතිය දඩුවම් පාලනයකට පමණක් නොව, පුනරුත්ථාපනය හා ජීවිතය යළි ආරම්භ කිරීමට අවස්ථාවක් ලබාදෙන පරිවර්තනයේ පාසලක් බවට පත් කළ යුතු බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය හා දුෂණය යන ජාතියට මාරාන්තික බලවේග දෙක තුරන් කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරමින් සිටින බවය.

අධිකරණ අමාත්‍යතුමා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 104–B ආධුනික පුහුණු ඛණ්ඩයේ නිලධාරීන් විසිරයාමේ උත්සවයේදීය.

ඒ අවස්ථාවේදී අමාත්‍ය නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසූයේ,
රජය යටතේ යුක්තිය සියලු දෙනාට අයිතියක් බවත්, බන්ධනාගාර පද්ධතිය විනිවිද පෙනෙන, පුනරුත්ථාපනමය හා මනෝසෞඛ්‍යමය පද්ධතියක් බවට පත් කිරීමට කටයුතු කරන බවත්ය.

ඇතිව සිටින අධික තදබදය අඩු කිරීම, දඩුවම වෙනුවට අධ්‍යාපනය හා වෘත්තිය පුහුණුව පවත්වා ගැනීම, සහ සිරකරුවන්ට සමාජය සමඟ නැවත ඒකාත්මක විය හැකි පරිසරයක් සකස් කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

උත්සවයට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා ඇතුළු උසස් නිලධාරීන් සහ නව නිලධාරීන්ගේ ඥාතීන් රැසක්ද සහභාගී වූහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments