Monday, January 5, 2026
Homeසියලුම පුවත්බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු සංශෝධනය වෙන ආකාරය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

බොහෝ දුරට අවම බස් ගාස්තුව රුපියල් 2 කින් ඉහළ යනු ඇති අතර ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය සහ බස් සංගම් එකගතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රුපියල් 14ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 16ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා.

එසේම අනෙකුත් ගාස්තු 15% කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නංවන ලෙස බස් සංගම් සිකුරාදා දිනයේ භාරදුන් යෝජනාවලිය මගින් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් 7.5% ත් 10%ත් අතර අගයකින් අනෙකුත් ගාස්තු ඉහළ නැංවිය යුතු බවටයි මේ වනවිට එකඟතාවයකට පැමිණ ඇත්තේ

RELATED ARTICLES

Most Popular

Recent Comments