බ්‍රිතාන්‍ය ගුවන් සමාගම British Airways ශ්‍රී ලංකාව බලා නැවත සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නිවේදනය කර තිබේ.
ඒ අනුව 2026 ඔක්තෝබර් 23 සිට සතියට තුන් වතාවක් London Gatwick Airport සිට ශ්‍රී ලංකාව බලා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ.
මෙම ගුවන් ගමන් සඳහා ටිකට්පත් අලෙවිය ඊයේ (17) සිට ආරම්භ වී ඇති බව ද වාර්තා වේ.
මේ අතර SriLankan Airlines මෙරට සිට ලන්ඩන් බලා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ගුවන් සේවය ලෙස පවතින අතර, නව සේවාව ආරම්භ වීමෙන් සංචාරක ක්ෂේත්රයටද වාසි ලැබීමට අපේක්ෂා කෙරේ.
බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹයි

