Saturday, January 17, 2026
Homeදේශීයබිත්තර වී ගොවීන්ට රක්ෂණය ලබාදේ

බිත්තර වී ගොවීන්ට රක්ෂණය ලබාදේ

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය බිත්තර වී ගොවිපළවල සිදුවන හානීන්ට ආවරණයක් ලබාදීම සඳහා නව රක්ෂණ සැලසුමක් හඳුන්වාදී තිබේ.

මෙම රක්ෂණය ගංවතුර, වියළි කාලය, රෝග, කෘමි හානි, ස්වභාවික විපත්, වන අලි හානි වැනි අවදානම් සඳහා ආවරණය සපයයි. ගොවියා අක්කරයකට රු. 13,600/- වාරිකයක් ගෙවීමෙන්, අක්කරයකට රු. 180,000/- වන්දි මුදලක් ලබාගත හැක.

රක්ෂණයට ලියාපදිංචි වීම සඳහා ගොවියා කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවාව සමඟ ලියාපදිංචි විය යුතුය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බිත්තර වී වගාව දිරිමත් කිරීම හා ගොවීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments