Tuesday, February 17, 2026
Homeදේශපාලනමතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලේකම්වරියට පහරදීමේ සිද්ධියක්

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලේකම්වරියට පහරදීමේ සිද්ධියක්

සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධියක් වාර්තා වෙයි.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ලේකම්වරිය මේ වන විට ප්‍රතිකාර සඳහා මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇත.

අද (30) උදෑසන ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල තුළ පිහිටි ලේකම්වරියගේ කාර්යාලයට පැමිණි සභාපතිවරයා, ප්‍රාදේශීය සභාවට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් විවාදයක් ඇතිකරගෙන ඇති බව වාර්තා වේ. එම බහින්බස් වීම උණුසුම් තත්ත්වයකට පත්වීමෙන් අනතුරුව සභාපතිවරයා විසින් ලේකම්වරියට පහරදී ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලේකම්වරිය මතුගම පොලීසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති අතර, එය සම්බන්ධයෙන් මතුගම පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments