Friday, January 23, 2026
Homeදේශීයමරණ තර්ජනය කර රුපියල් ලක්ෂ 10 ක කප්පමක් ඉල්ලූ දෙදෙනෙක් අත්අඩංගුවට

මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ 10 ක කප්පමක් ඉල්ලූ දෙදෙනෙක් අත්අඩංගුවට

දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කර කාන්තාවකගෙන් කප්පම් මුදලක් ඉල්ලීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ රටක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් පුද්ගලයින් යොදවා, දුරකථනයෙන් මරණ තර්ජනය එල්ල කර, පසුගිය 04 වනදා කැලණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලා තිබුණු බවයි සඳහන් වෙන්නේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඒ අනුව මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (22) පෙරවරුවේ කිරිබත්ගොඩ, දළුගම ප්‍රදේශයේදී හා පෑලියගොඩ, පට්ටිය හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 හා 53 යන වයස්වල පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments