Thursday, November 13, 2025
Homeදේශීයමහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේපයි

මහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේපයි

කැරම් බෝඩ් නඩුවට සම්බන්ධව සිර දඬුවම් නියම වී ඇති හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයගේ ඇප ඉල්ලීම් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

විනිසුරු මඩුල්ල සඳහන් කළේ, ඇප ලබා දීමට අවශ්‍ය සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවූ නිසා ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන බවය.

මෙම දෙදෙනා 2015 ජනාධිපතිවරණ සමයේ රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් ඇති කළ බවට චෝදනා ලැබූ අතර, අලුත්ගමගේට වසර 20කද, ප්‍රනාන්දුට වසර 25කද සිර දඬුවම් නියම කර ඇත.

ඔවුන් එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments