අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අධිකරණ සේවයේ මහේස්ත්‍රාත් තනතුර සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, අධිකරණ සේවයේ දෙවන පංතියේ පළමු ශ්‍රේණියේ මහේස්ත්‍රාත් තනතුර සඳහා අදාළ නව සුදුසුකම් 4ක් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම සුදුසුකම් අතරට ඇතුළත් වන්නේ —
1. අවුරුදු 3කට නොඅඩු කාලයක් ක්‍රියාකාරී වෘත්තියේ නීතීඥවරයෙකු වීම.
2. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය හෝ නීති පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නීතීඥවරයෙකු ලෙස අවුරුදු 3කට නොඅඩු සේවය.
3. රාජ්‍ය ආයතනවල නීති නිලධාරියෙකු ලෙස අවුරුදු 3කට නොඅඩු සේවය කර ඇති අතර එම කාලය තුළ අධිකරණය හමුවේ නිරතුරුවම පෙනී සිටීම.
4. සමාගමක හෝ බැංකුවක නීති නිලධාරියෙකු ලෙස අවුරුදු 3කට නොඅඩු සේවය කර ඇති සහ එම කාලය තුළ අධිකරණය ඉදිරියේ නිරතුරුවම පෙනී සිටීම.
පෙර නීති අනුව, නීතීඥවරයෙකු ලෙස අවුරුදු 4ක් සේවය කර තිබීම සුදුසුකමක් ලෙස තිබුණද, නව සංශෝධනය අනුව එම කාලය අවුරුදු 3ක් දක්වා අඩු කර ඇත.
මහේස්ත්‍රාත්වරුන් පත් කිරීමේ සුදුසුකම් සංශෝධනයට තීරණයක්

