Monday, September 23, 2024
Homeදේශපාලනමහ බැංකුව සොරා කා අතුරුදහන්ව සිටි අර්ජුන් මහේන්ද්‍රන් යළි මතුවෙයි (VIDEO)

මහ බැංකුව සොරා කා අතුරුදහන්ව සිටි අර්ජුන් මහේන්ද්‍රන් යළි මතුවෙයි (VIDEO)

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිලිපීනයේ CNN නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්ව තිබේ.

සිංගප්පුරුවේ සිට මාර්ග ගත ක්‍රමයට මෙම සම්මුඛ සාකච්ඡාවට එක්වූ ඔහු, ලංකාවේ ඇතිව තිබෙන වත්මන් ආර්ථික අර්බුදය ගැන අදහස් දක්වා තිබේ.

මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ 2019 වර්ෂයේදී ඇතිවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ බලපෑම, නව රජය බලයට පත්වීමෙන් පසුව ලබාදුන් බදු සහන සහ නව රජය විසින් කෘෂි කර්මාන්තයේ දී ගනු ලැබූ තීරණ හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන කරුණු වූ බවයි.

මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ වර්ථමානය ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් බදු මුදල් ඉහළ දැමීම, නැවත කෘෂි කර්මාන්තය නගා සිටුවීමට ක්‍රියා කළ යුතු බවද කියා සිටියි.

එමෙන්ම මුදල් මුද්‍රණය කිරීම, අයවැය තුලින් ගනු ලබන ක්‍රියා මාර්ග හරහා වත්මන් ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීමට අපහසු බව ද ඔහු පවසයි.

වසර 2015දී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 21දා කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පසුගිය 04දා නියෝග කර තිබුණි.

අධිකරණය මගහරිමින් සිටින මහේන්ද්‍රන් හට ඉන්ටර්පොල් රතු නිවේදනයක් ද නිකුත් කර ඇති අතර, වසර 2018 මැයි මාසයේදී ඉන්ටර්පොල් හෙළි කර තිබුණේ මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිටින බවයි.

පිලිපීනයේ CNN නාලිකාව සමග ඔහු සිදුකළ සම්මුඛ සාකච්ඡාව මෙසේය :

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments