Tuesday, March 3, 2026
Homeදේශීයස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට දින 16ක වැඩසටහන ආරම්භ...

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට දින 16ක වැඩසටහන ආරම්භ වෙයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට  දින 16ක වැඩසටහන අද (24) ආරම්භ විය. මෙයට සංකේතවත් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල ලාංඡන පැළඳවීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සිදු කෙරිණි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවේ, ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගෞරවයෙන් ජීවත් වීම මනුෂ්‍ය හිමිකමක් බවත් සියලු දෙනාටම හිංසාවෙන් තොර ජීවිතයක් හිමිවිය යුතු බවත් ය.

මෙම වැඩසටහන දෙසැම්බර් 10 දක්වා දිවයින පුරා විවිධ වැඩසටහන් සමඟ ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරිය සඳහන් කළාය. මේ වසර “ඩිජිටල් අවකාශයේ සිදුවෙන හිංසාව” අවසන් කිරීමට විශේෂ කරා යොමු කර ඇති බවද පැවසීය.

ඇය තවදුරටත් සඳහන් කළේ, දේශපාලනික මතභේද තිබුණත්, පුද්ගලිකත්වයට හානි වන වෛරී ප්‍රකාශ පාර්ලිමේන්තුවෙන්ම නතර කළ යුතු බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments