Thursday, November 13, 2025
Homeදේශීයමාලදිවයිනේදී කොටු වූ මත්ද්‍රව්‍ය යාත්‍රාව ගැන විමර්ශනයට ශ්‍රී ලාංකික කණ්ඩායමක් පිටවෙයි

මාලදිවයිනේදී කොටු වූ මත්ද්‍රව්‍ය යාත්‍රාව ගැන විමර්ශනයට ශ්‍රී ලාංකික කණ්ඩායමක් පිටවෙයි

මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ සම්බන්ධ ධීවර යාත්‍රාව සහ ධීවරයින් පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල විශේෂ නියෝජිත කණ්ඩායමක් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත.

මෙම කණ්ඩායමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ නාවික හමුදාවේ නිලධාරීන් කිහිපදෙනෙකු අයත් වන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ ලබාදුන් බුද්ධි තොරතුරු අනුව මාලදිවයින් ආරක්ෂක අංශ විසින් ධීවර යාත්‍රාවක් සහ ධීවරයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ යාත්‍රාව මේ වන විට මාලදිවයින වෙත රැගෙන එමින් ඇති අතර, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවරයින් පිළිබඳව පරීක්ෂණ කර ගැනීමට ශ්‍රී ලාංකික නියෝජිතයින් මේ වන විටත් මාලදිවයින වෙත ගොස් ඇති බව පොලීසිය නිවේදනය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments